Pages

Wednesday, August 28, 2019

සත්‍ය සහ විශ්වාසය අතර බැදීම


ගෝඨා සියලු අවලාද වල මුල් සිදී, ඇමරිකානු පුරවැසි බව අත්හල සත්‍ය ලියවිලි මැකෝ අතට


මෙතෙක් කිසිදු දේශපාලන පක්ෂයක සමාජිකත්වයක්  ලබා නොගෙන ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා මේවන විට ‍ශ්‍රි ලංකා පොදු ජන පෙරමුනේ  ජනාධිපති අපේක්ෂකයා  ලෙස නම් කර ඇත.
එසේ වුවත් ‍  ඔහු සැබැවින්ම නිර්පාක්සිකයෙකි.ඔහු කිසිදු පක්ෂයකට අයිති නැත. එසේ වීමට හේතුව පුලුල් සන්ධානයක එකතුවත් ලෙසින් ඔහු ඉදිරිපත් කිරීමට සියලු සැලසුම් සකස් කර ඇති හෙයිනි. එමෙන්ම ඔහු දේශපාලන පක්ෂ ප්‍රවර්ධනයට මේ වන තෙක් මැදිහත් වී ඇති අතර ඉදිරියේ දී ද එසේ නොකරනු ඇත. මෙය ඉදිරියේ දී  බොහෝ සාර්ථක දේශපාලන උපක්‍රමයක් විය හැකි බව පෙනෙන්නට තිබේ. 
කෙසේ වුවත් ඊයේ දිනයේ දී අගෝ (27) තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ නිල ලේඛනවල මුල් පිටපත් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇත.
ඒ මහතා  මෙම ලේඛණ ඉදිරිපත් කර ඇත්තේ  මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡාවකදීය. මෙහිදී මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සමඟ පැයක පමණ කාලයක් සාකච්ඡා කර ඇතැයි ද වාර්තා වේ.
ඇමරිකානු පුරවැසිකම ඉවත් කර ගැනීමට නොහැකි වී ඇතැයි එල්ලවන චෝදනා හේතුවෙන් මේ සම්බන්ධයෙන් නිල ලේඛන මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර සැබෑ තත්වය පැහැදිලි කරගැනීම මෙම හමුවේ මුලික අරමුණවී ඇතැයි  සදහන් වේ.

Tuesday, August 27, 2019

19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 අප්‍රේල් දක්වා ඇදෙන බවට ඉගි

    ජනාධිපතිවරණය නොවැම්බර්-දෙසැම්බරයේ අතර කාලයේ දී පැවැත්වෙනු ඇතැයි බොහෝ අය විශ්වාසයෙන් සිටියත් එය ලබන අප්‍රේල් දක්වා කල් යා හැකි බව ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු  මාධ්‍යට සදහන් කර ඇතැයි වාර්තා වේ.
     ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නැවත මතය විමසීමක් ඉදිරියේදී සිදු විය හැකි බවට තොරතුරු වාර්තා වේ.
 කරුනු එසේ සිදු වුවහොත් ජනාධිපතිවරණය ලබන අප්‍රේල් දක්වා කල්යනු ඇත.එසේ වුවහොත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හරිමේ බලය ද ලැබෙනු ඇත.එවිට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකවර පැවැත්වීමටද ඉඩ තිබෙන බව මෙමගින් අනාවරණය වේ.
             සිය ධුර කාළය වසර 06 ක් ද 05 ක් ද යන්න පිලිබද  ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මීට පෙර අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා සිටියා.ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයට පෙර ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 06ක් වූ අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයෙන් එය වසර 05ක් දක්වා අඩු කෙරුණා. 
       ජනාධිපතිවරයා කළ විමසීමට අනුව කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාටද අදාල වන බවයි. ඒ අනුව ඔහුගේ ධූර කාලය වසර 05කට සීමා වන බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විය.
      මේ අතර මෙවර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමට බලාපොරොත්තු වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය බලපැවැත් වෙන්නේ කවදා සිටද? යන්නය.ඒ අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන්නේ කවදාද? මෙය ඉදිරියේ දී බොහෝ විට සිදුවිය හැති අලුත්ම තත්වයක් බව දේශපාලන ආරංචි මාර්ගවලින් තොරතුරු වාර්තා වේ.
wcenews

Monday, August 26, 2019

ඇමසන් වනයේ කදුලු කතාව


කිසිම පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට පැහැදිලි ජන රැල්ලක් නිර්මාණය නොවීමේ ප්‍රවණතාවයක් අති වන්න‍ේ ඇයි?



මේ ගෙවෙන්නේ දේශපාලන සංක්‍රන්තික සමයකි. පෙර කාල වකවානු හා සමගාමීව සිතා බලද්දි ඉදිරියට   පැමිනෙන්නේ අතිශය තීරණාත්මක  සහ සංවේදී කාල පරිචාච්දයකි.එසේ  කියනුයේ  මෑත අතීතයේ  ශ්‍රි ලංකා‍වේ දේශපාලන සංස්කෘතියේ උච්චාවචනයන් පිලිබද අධ්‍යනයකින් පසුවය. 2020 ජනාධිපතිවරණය යනු, 2015 හෝ 2010 මෙන්ම 2005 මැතිවරණය ද නොවන්නේය.
එසේ කියනුයේ වර්තමාණයේ පවතින සමාජ චින්තවා මෙන්ම ආර්ථික දේශපාලන, සංස්කෘතික වටපිටාවන් සැලකිල්ලට ගෙනය. විශේෂයෙන් මැත ඉතිහාසය තුල  ශ්‍රි ලංකාවේ මුස්ලිම් මුලධර්වාදයේ ව්‍යාප්තිය පිලිබද අභ්‍යන්තරයේ තොරතුරු තිබුනත් එය එලිපිට දැකිය නොහැකි විය.  එය වසා දේශපාලනය කිරීමට දේශපාලකයින්ට හැකි විය. කෙසේ වුවත් අප්‍රේල් 21 සිද්ධියෙන් පසු මේ වන විට මේ ක්‍රියාවලිය සම්පූර්නයෙන්ම නිරාවරණය වී ඇත්තතේය.
එහිදී සාම්ප්‍රදයික සිංහල සමාජයේ බුද්ධිමත් බහුතර මධ්‍යස්ථ  මතධාරී ද  ග්‍රාමීය ජනතාවද මේ කාරණයේ දී පැහැදිවම තැතිගත් සැකමුසු අදහසකින් සිටින්නේය.ඔවුන් මේ වැරුද්ද සම්පුර්නයෙන්ම දේශපාලන අධිකාරිය වෙත බැර කර ඇත. එ අනුව  සාධාරණ සැකයකින් තොරව සමස්ත  මුස්ලිම් ප්‍රජාව දෙසම බලනුවේ අන්තවාදීය යන ආකල්පයෙන්ය. මේ කාරණය  තේරුම් ගෙන බොහෝ සීරු මාරුවෙන් දේශපාලන ය කිරීමට ඉදිරියේ දී දේශපාලකයින්ට සිදුවනු ඇත. මන්ද තවමත් මේ රටේ බහුතරය සිංහල වන හෙයිනි.කෙසේ වුවත් මේ තත්වය මේ වන තෙක් මේරටේ ප්‍රධාන ධාරාවේ දේශපාලකයින් කිසිවෙකු තේරුම් ගෙන නැත.

එහෙයින්ම මේවන විට තවමත් ඉදිරි ජනාධිපතිවරණය පිලිබද ප්‍රධාන පක්ෂ විසින් සිදුකරන්න‍ා වූ ප්‍රචාරණයන්ගෙන් ජනතාව අතර උද්යෝගයක් ඇති කිරීමට හැකියාව ලැබී නැත. මේ සදහා හේතු රාශියක් ඇත. මේ හේතුන් දේශපාලන ව්‍යාපෘති දියත් කරන්නාවුන් හොදින් දකී. එහෙත් නොදන්නා පරිදි ජනතාවට අමතක වී ඇතැයි සිතා සුපුරුදු පරිදි හැසිරේ.

Previous News